30 March 2021

කොම්පෝස්ට් පොහොර

news images

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය, මේ වනවිට බොහෝ දෙන‍ෙක් කොම්පොස්ට් පොහොර නිෂ්පාදන කෙරෙහි උනන්දුවන් දක්වනවා දැකගන්න පුලුවන්. ඉතින් අප‍ේ විශයට අදාලව මේ ගැන ලිපියක් ලියන්න හිතුවා.😊 😊

 

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය

 

‍වගාවේදී භාවිතා කරන පෙහොර වර්ග ප්‍රධාන වශයෙන් රසායනික පොහ‍ොර හා කොම්පෝසට් පෙ‍ාහොර විදිහට කොටස්  දෙකකට  බෙදන්න පුලුවන්

ඉතින් මේ ලිපිය තුළින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොම්පොස්ට් පොහොර සම්බන්ධව

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය

කොම්පෝසට් පෙහොර නිෂ්පාදනය සදහා ප්‍රධාන වශයෙන්ම අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ මියගිය ශාක හා සත්ව කොටස් වගේම ඓන්ද්‍රීය ද්‍රව්‍ය.මෙතනදි වැදගත්ම දේ තමයි මූලික වශයෙන්ම මේ කාර්යය සදහා දායක වන්නේ තාපකාමී ක්ෂුද්‍ර ජිවින් ඉතින් අන්න ඒ නිසාම තමයි මේ කොම්පොස්ට් මිශ්‍රණය කලු ඉටි රෙද්දකින් වහල තියන්නේ.

කොම්පෝස්ට් පොහොර මිශ්‍රණය කලු ඉටි ආරණයකින් වඩා තැබීම

ඉතින් ඒ විතරක් නෙමෙයි මේ විදිහට කෙම්පෝස්ටි පොහොර නිපදවන ක්ෂුද්‍ර ජීවීන් ට ගැලපෙන විදිහට උණුසුම්,තෙත, ස්වායු පරිසර වලදී මේ අය  ගොඩක්ම කාර්යයක්ෂම ලෙස වැඩ කරල ඉතා ඉක්මණින් කොම්පොස්ට් පොහ‍ොර නිපදවීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා.

මෙතනදී ස්වායු තත්වය වැඩි කරන්න තමයි කාබනික මිශ්‍රණය පෙරලීමේ ක්‍රමවේදයක් අපි අනුගමන කරන්නේ.

ඉතින් අපි ඊලගට බලමු මොනවද කියලා කොම්පෝස්ට පොහොර නිෂ්පාදයේදී ප්‍රශස්ථ තත්ව

  • උෂ්නත්වය (43°C – 65°C)
  • තෙතමනය (40% -65 %)
  • ස්වායු තත්ව
  • C:N 30:1 අනුපාතය

ඉතින් මේ කොම්පෝසට් පොහොර නිෂ්පාදනයේ හා භාවිතයේදී මොනවද අපට ලැබෙන වාසි ? 🤔🤔

කොම්පෝස්ට් පොහ‍ොර භාවිතයේ වාසි :

  1. පරිසය දූෂණය අවම වීම
  2. වඩාත් ලාබදායී අමුදුවය යොදා ගැනීම
  3. පසේ වාතන හැකියාව දියුණු වීම.
  4. පාංශු ඛාදනය අවම වීම.
  5. නිෂ්පාදය සදහා විශාල ගොඩනැගිලි අවශය නොවීම

වගේ දේවල් පෙන්වා දෙන්න පුලුවන්.ඉතින් ඔනෙම කෙන්කට පුලුවන් තමන්ගේ නිවසේ ඉදන්ම කොම්පෝස්ට් පොහොර ඉතාමත් පහසුවෙන් නිර්මාණක කර ගන්න.ඉතින් මේකට නිවසින් ඉවලත අපද්‍රව්‍ය පාවිච්චි කරන්න පුලුවන් නිසා ගොඩක්ම ල‍ාභදායි වෙනවා.

කොම්පෝස්ටි පොහොර නිපදවිය හැකි ක්‍රම :

ජීරක බදුන් ක්‍රමය
    • ඉතා ජනප්‍රිය ක්‍රමයක් වන අතර (200-300)L බදුන් භාවිතා වේ.
    • වාතනය වීම සදහා බදුනේ 1cm පමණ විශ්කම්බය ඇති සිදුරු තබා ඇත.
    • බදුනේ අඩිය සවිවර වන අතර වැඩි තෙතමනය ඉවත් වේ.
    •  කොම්පෝස්ට් ඉවත් කිරීම සදහා පහතින් දොරටු නිර්මාණය කර ඇත.
    • මෙම මිශ්‍රණයට ප්ලාස්ටික්,වීදුරු ,ටින් ,පොල්කටු,පොල්ලෙලි ,අසූචි,මස් මාංශ නොදැමිය යුතුය‍.
    • ජීරණයෙන් පසු ඉවත්වන කොම්පෝස්ට් සති 2-3 කාලයක් ගොඩගසා පොහොර වශයෙන් භාවිතා කළ හැක.
ගොඩ ක්‍රමය
  • පළමුව භූමිය පිරිසිදු කර ගත යුතු අතර වතුර බැස යාමට කාණු පද්ධතියක් සකස් කිරීමද සිදු කළ යුතුයි.
  • ඉන්පසු ගෘහ ආශිත අපද්‍රව්‍ය හා සත්ව අපද්‍රව්‍ය 30cm පළලට අසුරන්න.
  • තෙතමනය ප්‍රමාණවත් නොවේනම් ජලය යොදන්න
  • දැන් කොම්පෝසට් මුහුම් එකතු කරන්න(1000kg වලට 20kg පමණ).ඉන්පසු ව‍ාතය ඇතුළු වන ලෙස කලු පොලිතීන් ඉටි රෙද්දකින් හෝ පොත් අතු භාවිතා කර වසා තබන්න.
  • දින 7 කට පසු පරීක්ෂා කර ජලය යොදන්න.
  • මසකට පසු කොම්පෝස්ට් ‍ගොඩ නැවත පෙරළන්න.( ස්වායු තත්ව ඇති කිරීමට ඉවහල් වේ)
  • නැවත මුහුන් යෙදීමෙන් ජීර්ණය වේගවත් කර ගත හැකිය.
  • සතියකට වරක් තෙතමනය පරීක්ෂා කිරීමත් මසකට වරක් පෙරලීමත් සිදු කළ යුතුය.
  • මාස 3 කට පසු කොම්පෝස්ට භාවිතයට ගත හැක.අවශ්‍යනම් 4cm x 4cm දැලකින් හලා වෙළද පොළට ඉදිරිපත් කළහැක.

මීට අමතරව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට භාවිතා වන ක්‍රම

  • වල ක්‍රමය
  • ජීව කොටු ක්‍රමය
  • භ්‍රමක බදුන් ක්‍රමය

 

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කාර්මිකව සිදු කරන ආකාරය

හැමෝටම සුභ දවසක්.

(උපුටා ගැනීමකි. අයිතිය මුල් අයිතිකරු සතුයි)

Top